බදුල්ල රදගුරු පදවියට නව රදගුරු – අතිගරු ජූඩ් සිල්වා මාහිමිපාණන්

බදුල්ල රදගුරු පදවියේ නව රදගුරුතුමන් ලෙස අතිගරු ජූඩ් සිල්වා මාහිමිපාණන් පත්කර තිබෙනවා.
බදුල්ල රදගුරු පදවියේ රදගුරු අති උතුම් ජූලියන් වින්ස්ටන් සෙබස්තියන් ප්‍රනාන්දු හිමිපාණන්ගේ (S.S.S) එම තනතුරෙන් ඉවත්වීමට කළ ඉල්ලීම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පිළිගැනීමෙන් අනතුරුව මෙම නව පත්වීම සිදුකර තිබෙනවා.

බදුල්ල පදවියේ රදගුරුතුමන් ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිසි පාප්වහන්සේ ලබාදුන් පත්වීම මෙරට වතිකාන අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් විසින් අද දැනුම් දුන්නා.

බදුල්ල පදවි රදගුරු ලෙස පත්වීම් ලද අතිගරු ජූඩ් සිල්වා මාහිමිපාණන් හට අපගේ උණුසුම් සුබ පැතුම් මෙලෙස එක්කරන අතර සුහතුම් වරමින් පිරී දෙව්මව් රැකවරණය තුළ තම දූත කාර්යය ඉටුකිරීමට අවැසි ශක්තිය ඉල්ලා කිතුනුවන් ලෙස අපි උන්වහසේ වෙනුවෙන් දෙවිඳු යඳිමු.

අතිගරු ජූඩ් නිශාන්ත සිල්වා පියතුමා පිළිබඳව විස්තරයක්.

අතිගරු ජූඩ් නිශාන්ත සිල්වා පියතුමා 1970 මැයි 5 වන දින කොළඹ අගරදගුරු පදවියේ මොරටුවේදී උපත ලැබීය. එතුමා මහනුවර රදගුරු පදවියේ අම්පිටියේ පිහිටි ලංකා අප ස්වාමිදූගේ ජාතික දෙව් සත්හලේ දර්ශනය සහ දේවධර්මය පිළිබඳ සිය අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළේය.

2001 ඔක්තෝම්බර් 2 වන දින බදුල්ල රදගුරු පදවිය සඳහා පූජකවරය ලැබීය.

එතුමා පියතුමෙක් වීමෙන් පසු, පහත නිලතල දරමින් දේව රාජ්‍යය මෙලොව ගොඩ නැගීමට වෙහෙස විය
දියතලාව මීසමේ (2001-2003); සහ පදවියේ භාණ්ඩාගාරික (2003) සහ පසුව බදුල්ල, හපුතලේ සාන්ත එමාඩ් කණිටු දෙව්සත් හලේ අදියුරු (2004-2007). පසුව එතුමා රෝමයේ පොන්ටිෆිකල් උර්බානියා විශ්ව විද්‍යාලයේ (2007-2010) කතෝලික සභා නීතිය පිළිබඳ ඉගෙනුම ලැබීය, ඉන්පසු එතුමා බිබිලේ (2011-2014) ශුද්ධ වූ පවුලේ මීසමේ, මීසම් සේවක පියතුමා ලෙස සේවය කළේය; බදුල්ල ශාන්ත මරියා ආසන දෙව්මැදුරේ මීසම් සේවක පියතුමා ලෙස (2014-2019); 2020 සිට එතුමා බදුල්ල රදගුරු පදවියේ කරිටාස් අධ්‍යක්ෂ තුමා ලෙසද සේවය කළේය.

Curriculum vitae of Very Rev. Fr. Jude Nishanta Silva

S.E. Mons. Echchampulle Arachchige Jude Nishanta Silva was born on May 5, 1970 in Moratuwa, in the Archdiocese of Colombo. He completed his studies in Philosophy and Theology at Our Lady of Lanka National Seminary in Ampitiya, in the Diocese of Kandy.

He was ordained a priest on October 2, 2001 for the clergy of Badulla.

He held the following posts and further studies: Parish Vicar of Christ the King in Diyatalawa (2001-2003); Economist (2003) and then Rector of St. Eymard Minor Seminary in Haputale, Badulla (2004-2007); studies for Bachelor of Canonical Law at the Pontifical Urban University in Rome (2007-2010); Parish of the Holy Family in Bible (2011-2014); Parish of St. Mary’s Cathedral in Badulla (2014-2019); since 2011, Judicial Vicar and Chancellor of the Diocese of Badulla; since 2015, Member of the Episcopal Council; since 2020, Director of Diocesan Caritas

📸 Rev. Fr. Sameera Perera

slcadmin

slcadmin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *