කානික්ක දේවමාතා බැතිය

සමිඳුන් පුද දුන් මඟුල හෙවත් කානික්ක මංගල්‍යය හා කානික්ක දේවමාතා බැතිය.

නත්තලේ සිට දින ගැන පවත්වන තවත් එක් මංගල්‍යයක් ලෙස පෙබරවාරි 02 දාට යෙදෙන ජේසුස් වහන්සේ ජෙරුසෙලම් දේවමාලිගාවේ පුදනු ලැබීමේ මංගල්‍යය හැඳින්විය හැක. මෝසෙස්ගේ නීතිය පරිදි සියළු කුළුඳුල් පිරිමි දරුවන් දෙවියන් වහන්සේට කැපකිරීමේ චාරිත්‍රය ඉටුකරමින් දේවමාතාවන් සහ ජුසේ තුමා බිළිඳු ජේසුස් ස්වාමින් වහන්සේ ජෙරුසෙලම් දේව මන්දිරයේ ඔප්පු කිරීමේ අවස්ථාව (ලූක් 2/22 – 38) මේ මංගල්‍යය තුළ සැමරේ.

දරුවාගේ මවගේ පවිත්‍ර වීමේ චාරිත්‍රයක් ද මේ හා බැඳී පවතී.(ලෙවි 12/ 1- 😎 ඒ අනුව යමින් මේ සැමරුම තුළ එක් අතකින් ජේසුස් වහන්සේ ඔප්පු කරනු ලැබීමත්, අනෙක් අතට දේවමාතාවන් වහන්සේගේ පවිත්‍ර වීමේ චාරිත්‍ර ඉටුකිරීමත් සැමරේ. එසේම මෝසෙස් නියම කර ඇති පරිදි ඒ අවස්ථාවේ යම් පඬුරක් පිදිය යුතු විය. තම දරුවා වෙනුවෙන් පඬුරු ඔප්පු කිරීමට ආ දේවමාතාවන් සඳහා කානික්ක දේවමාතාවන් යන නාමය යෙදේ. ඒ පඬුරු සඳහා යෙදෙන කානික්ක යන වදන ඇසුරින්.

ඒ අනුව පෙබරවාරි 02 දාට යෙදෙන මංගල්‍යය සඳහා කානික්ක මංගල්‍යය යන නාමය යෙදේ. ගැළවුම්කරුවාණන් වහන්සේ තම නගරයත් එහි වූ ජෙරුසෙලම් දේව මන්දිරයත් වෙත ප්‍රථම වතාවට පැමිණීම සිහිපත් කෙරෙන අතර එහිදී ආ බැතිමත් සිමියොන් උන්වහන්සේව ” විජාතීන්ට එළිය දෙන ආලෝකය ” ලෙස ප්‍රකාශ කිරීම අරබයා පසුකාලීනව ගොඩනැගුණු ඉටිපහන් ආසිරි ගැන්වීමක්ද ඉටිපහන් පෙරහැරක්ද මේ මංගල්‍යය දිනයේ දැකිය හැක.

මෙරට කානික්ක දේවමාතාවන් නමින් කැපකළ දේවස්ථාන කීපයක්ම දැකිය හැක.
1)කොළඹ අගරදගුරු වසම
බෝලවලාන දේවස්ථානය , පිටිපන දේවස්ථානය , දෙහිවල දේවස්ථානය , නායකකන්ද දේවස්ථානය , නිරිපොළ දේවස්ථානය
2) හලාවත පදවිය
මාරවිල දේවස්ථානය, කන්දතොඩුවාව දේවස්ථානය , කල්පිටිය මීසමට අයත් දූපතක දේවස්ථානයක්
3) මඩකලපුව පදවිය – තන්ඩවන්වේලි දේවස්ථානය
4) මන්නාරම පදවිය – තුල්ලුකුඩිරුප්පු දේවස්ථානය , පලයිකුලි දේවස්ථානය , සම්පල්තෝට්ටම් දේවස්ථානය
5) යාපනය පදවිය – පරුතිතිවු (පරෙවිදූව ) දේවස්ථානය
බෝලවලාන හා පිටිපන දේවස්ථාන සංඝයන් ද්විත්වය මීගමු පුරවරයේ ඓතිහාසික මධ්‍යස්ථාන දෙකකි. එසේම මඩකලපුව තන්ඩවන්වේලි දේවස්ථානය මඩකලපුව ප්‍රදේශයේ ඉදිවූ ප්‍රථම දේවස්ථානය ලෙස සැලකේ.

✍️මාධව ජයකොඩි සොයුරාගෙන්

slcadmin

slcadmin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *